මුල් පිටුව ආදර්ශමත් පරිගණක මධ්‍යස්ථාන සඳහා සම්මාන ප්‍රදානය 2008  
 
ආදර්ශමත් පරිගණක මධ්‍යස්ථානය තේරීම 2008 වැඩසටහන යටතේ තංගල්ල කලාපයේ ආදර්ශමත් පරිගණක මධ්‍යස්ථානය දෙවන ස්ථානය හිමි කර ගැනීමට හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලයීය පරිගණක ඒකකය සමත්විය. පරිගණක මධ්‍යස්ථානය මගින් පාසල්සිසුන්ට, බාහිර සිසුන්ට, ගුරුවරුන්ට හා පාසල් පරිපාලනයට සිදු වී ඇති සේවය හා පරිගණක මධ්‍යස්ථානය ආදර්ශමත්ව පවත්වා ගැනීම හේතු කර ගෙන තංගල්ල කලාපයෙන් දෙවන ස්ථානයට පත් වීමට හැකි විය. ඒ සඳහා සම්මාන සහතික ප්‍රදානෝත්සවය 2008 නොවැම්බර් මස 29 වන දින ගාල්ල නගර ශාලාවේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පරිගණක මධ්‍යස්ථාන භාරකාරු ජී.ජී.දයාවංශ මහත්මා ගරු ප්‍රධාන අමාත්‍ය තුමා අතින් සහතික ලැබූ අතර අධ්‍යාපන මෘදුකාංග නිර්මාණ තරගයෙන් සිසුන් විසි දෙනෙකු හා ගුරු මහත්මියක් හභාගිත්ව සහතික ලබා ගත්හ.